Pottuvil Rd, Monaragala
+94 55 22 763 12
අප පාසල 1993 වර්ෂයේදී ජාතික පාසලක් බවට උසස් කරන ලදී. එදා මෙදා තුර දීර්ග ගමනක යෙදෙන අප පාසලේ දැක්ම වන්නේ ගුණ නැණ සපිරි පුරවැසියෙක් ලොවට දායාද කිරීමයි. අපගේ දැක්ම ශාක්ෂාත් කර ගැනීම උදෙසා වන මෙහෙවර වන්නේ ගවේෂණය කර ගත් දැනුම භාවිතා කල හැකි කුසලතා සහ යහපත් ආකල්පවලින් පිරුණු හදවත් ඇති දරුවන් නිර්මාණය කිරීමයි.
මොණරාගල දිස්ත්රික්කයේ ප්‍රධාන පාසලක් වන අප පාසලේ සේවා දායකයන් වන සියලුම දුවා දරුවන්ගේ අරමුණු සහ අපේක්ෂාවන් සාක්ෂාත් කරදීම උදෙසා ආචාර්ය මණ්ඩලය හා එක්ව ජාතික අරමුණු ඉටු කර ගැනීම සහ විද්‍යාලය සම්පතක් ලෙස භාවිතා කරමින් දරුවන් ජයටැඹ කරා මෙහෙයවීම මාගේ එකම අභිලාශය වන්නේය.
විද්‍යා, කලා , වාණිජ්‍ය සහ තාක්ෂණ විෂය ධාරාවෙන් දරුවන් පෝෂණය කරනවා සේම ක්‍රීඩාව තුලින් නිරෝගී දරු පරපුරක් රටට දායාද කිරීම ද මාගේ බලාපොරොත්තුවයි. දරුවන්ගේ ලේඛන කලාව ඔප් නැංවීම උදෙසා බිත්ති පුවත්පත් ආරම්භ කිරීම, ඒ සඳහා දරුවන් යොමු කිරීම, විද්‍යාලයේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියා කාරකම් ප්‍රවර්ධනය කිරීම ආදී වන කරුණු ගණනාවක් තුලින් පාසල ඉදිරියට යනු දැකීම අපගේ එකම අභිලාශය වන්නේය. ඒ සඳහා දෙමාපියන්ගේ හා ආදී ශිෂ්‍ය ශිෂයාවන්ගේ සහයද නොමදව බලාපොරොත්තු වෙමි.
දරුවන්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කරමින් දේශයේ අභිමානය උදෙසා කැපවෙන මානව හිතවාදී දරු පරපුරක් බිහි කිරීම අපගේ ඒකායන බලාපොරෝත්තු වන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය , පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාලය, හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය මගින් නොමද කැප කිරීමක් අප වෙනුවෙන් කල යුතු වන බවද සිහිපත් කරමි.
ගුණ නැණ සපිරි පුරවැසියෙක් ලොවට දායාද කිරීම.
ගවේෂණය කර ගත් දැනුම භාවිතා කල හැකි කුසලතා සහ යහපත් ආකල්පවලින් පිරුණු හදවත් ඇති දරුවන් නිර්මාණය කිරීම.